Skip to main content

මාධ්‍ය සාක්ෂරතාව

මාධ්‍ය සාක්ෂරතාව ... 

මානව සමාජ ක්‍රියාකාරිත්වය විග්‍රහාත්මක ලෙස තේරුම් ගැනීමට ඇති හැකියාව සාක්ෂරතාව නම් වේ. මාධ්‍ය යනු අධ්‍යාපනය,තොරතුරු ලබා දීම,රසාස්වාදයක් ලබා දෙන, එපමණක් නොව ඉතා සූක්ෂම ලෙස සාමාජයට බලපෑම් එල්ල කළ හැකි අංගයකි.එම කරුණු විචක්ෂණශීලී ලෙස හදුනා ගැනීමට හැකි වීම මාධ්‍ය සාක්ෂරතාව නම් වේ.
                     මාධ්‍ය ක්ෂේත්‍රය තුළ මෙම කාරණා වෙන්කර හදුන්වා නොදෙන අතර ඒවා විශේෂාංග, සංදේශ ,වෙළෙඳ දැන්වීම්, ටෙලිනාට්‍ය ආදියෙන් විචාරශිලීව,විග්‍රහාත්මක ලෙස වෙන්කර ගැනීමට සාක්ෂරතාව හෙබි පුද්ගලයකු සතු ලක්ෂණයක් විය යුතුය . කෙසේ වෙතත් ආරම්භයේ දී සාක්ෂරතාව වැඩි රාජ්‍යයන් ලෙස ,

  • ඇමරිකාව
  • ඔස්ට්‍රේලියාව
  • කැනඩාව
බ්‍රිතාන්‍ය  යන රටවලට වැඩි අවධානයක් යොමු වී ඇත.
                  ඒ අනුව රටක ආර්ථික ,දේශපාලන ,ආගමික ,සාමාජීය  යන සෑම අංශයක ම වර්ධනය සඳහා සාක්ෂරතාව යනු ප්‍රබල අවියක් බව විශද වේ.මෙහි දී රටක මාධ්‍ය භාවිතය පුළුල් වීමට නම් පුරවැසියන් අතර වඩා ඉහළ මාධ්‍ය භාවිතයක් තිබිය යුතුය .මෙය මාධ්‍ය අධ්‍යාපනය සමඟ  එකලෙස ඒකාබද්ධ වීම නිසා මාධ්‍ය සාක්ෂරතාව හා මාධ්‍ය අධ්‍යාපනය අතර මනා සබඳතාවක් තිබෙන බව පැහැදිලි ය.

                    ඒ අනුව මාධ්‍ය සාක්ෂරතාවයේ මූලික ආපේක්ෂාවන් කිහිපයකි.එනම්,

1. මාධ්‍යයේ බලපෑම පිලිබඳ දැනුවත්භාවය.
2. ජනසන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය.
3. මාධ්‍ය අන්තර්ගතය අපේ සංස්කෘතියට සහ සාකච්ඡා කිරීමට ඇති      
හැකියාව .
4. මාධ්‍ය අන්තර්ගතය රසවිදීමට,අවබෝධයට හා අගය කිරීමට ඇති හැකියාව .

                     මෙමගින් මාධ්‍ය හැඩතල සකස් කිරීම,හදුනා ගැනීම,වටහා ගැනීම, විශ්ලේෂණය කිරීම හා ඇගයීමට පසුබිම සැකසේ. ශිෂ්‍යයන්ට විවිධ වැඩසටහන් නිෂ්පාදනය හා අධ්‍යක්ෂණයේ හැකියාව මාධ්‍ය සාක්ෂරතාව තුළින් ලැබේ .එසේම නිදහස් චින්තනය මේ තුළින් වර්ධනය වේ.කෙසේ වෙතත් අද වනවිට මාධ්‍ය සාක්ෂරතාව තුළින් වඩාත් අවධානයට ලක් කරන්නේ විවිධ නිරුක්තීන්,අර්ථ කතන සහ ඒවා පෙරළා ප්‍රශ්න කිරීමයි. මාධ්‍ය සාක්ෂරතාව ඉගැන්වීමේදී  ඒ පිළිබඳ විද්වතුන් ජනමාධ්‍ය හේතු කරගෙන ගොඩ නැගී ඇති ජනප්‍රිය සංස්කෘතිය ,පාඨ තුළ බිහිවන ජනවාර්ගිකත්වය,ස්ත්‍රී - පුරුෂ  සමාජභාවය,කුලය,පන්තිය,බලය යනාදී නොයෙකුත් සමාජ සංසිද්ධි පිළිබඳ  සහ ඒවා වටහා ගන්නා ආකාරය පිළිබඳව ද අවධානය යොමු කරයි.
                   ඒ අනුව මාධ්‍ය සාක්ෂරතාව යනු පුළුල් විෂය පරාසයක් බවත්. මාධ්‍ය අධ්‍යයනයේ දී පමණක් නොව සමාජ පරාසය ම නවමු මාවතකට රැගෙන යන අංගයක් බව විශද වේ.
                 

Comments

Post a Comment

Popular posts from this blog

ගෝලීයකරණය යනු ?

ගෝලීයකරණය යනු... ??,                            යුරෝපා සමාජ පරිණාමයේ ඉතිහාසය දෙස විමසුම් සහගතව බලනවිට අපට හමුවන සංකල්ප කිහිපයක් වේ.එම සංකල්ප බිහිවීමට හේතු වී ඇත්තේ බටහිර රටවල සමස්ථ ක්‍රියාකාරීත්වය ඒකායන පරමාර්ථය එනම්, මුළු ලෝකයම තමාගේ බලයට නතු කර ගැනීමේ පරමාර්ථය යි.මේ හේතුවෙන් එකල භාවිතා වූ සහ භාවිතා කෙරෙන සංකල්ප කිහිපයක් හඳුනාගත හැක. එනම් ,       •බටහිරකරණය       •ජාත්‍යන්තරකරණය       •නව යටත්විජිතකරණය       •ගෝලීයකරණය                   යනාදී සංකල්ප වේ. මේ ආකාරයට ගෝලීයකරණය යනු යුරෝපා සමාජ පරිණාමයේ එක් අතුරු ප්‍රතිඵලයක් ලෙස හඳුනා ගැනීම වැරදි නැතැයි මම සිතමි.         එමෙන්ම ගෝලියකරණය යන මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඒ පිළිබඳව ඉදිරිපත් වී ඇති මත රැසක් හඳුනාගත හැක. * ගෝලීයකරණය යනු ,ගෝලීය විඥානයන් ගොඩ නැංවීමේ ක්‍රියාවලියයි. ...

සන්නිවේදනය යනු ?

සන්නිවේදනය යනු.. මුළු විශ්වයම එක ම ගම්මානයක් බවට පත් කර ගැනීමේ ශක්තිය සන්නිවේදන මාධ්‍යයන්ට ලැබී තිබේ. එය වත්මන් ලෝකයේ තාක්ෂණික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස එක් අතකට සැලකිය හැකිය.              අනෙක් අතට සන්නිවේදනය යනු මානවයාගේ මූලික අවශ්‍යතාවයකි. එය වඩාත් පහසු කරගැනීමේ අරමුණින් තාක්ෂණික මාධ්‍යයන් යොදා ගත් බව ද සිතිය හැකිය.                         මානව සමාජයේ අන්තර් සම්බන්ධතාව ගොඩනගන හුයක් ලෙස සන්නිවේදනය හදුන්වාදිය හැකිය. එසේ ම මනුෂ්‍ය සමාජයේ මූලික පෙළගැස්ම සන්නිවේදනය ඔස්සේ සිදුවෙන බව දක්නට ලැබේ.                         සන්නිවේදනය මිනිසාගේම අවශ්‍යතාවයකි. එබැවින් එහි හුදකලා පැවැත්මක් හෝ ගුප්ත ස්වභාවයක් ද දක්නට නොමැත. අප සන්නිවේදනය හැදෑරීම යනුවෙන් අදහස් කරන්නේ මිනිසා ගැන හැදෑරීම ය. මිනිසා සමාජ කණ්ඩායම් සමග සම්බන්ධතා දක්වන ආකාරය, තොරතුරු ලබා ගන්නා ක්‍රම හා හුවමාරු කරගන්නා ක්‍රම, ඉගෙනීම හා ඉගැන්වීම්, විනෝදය ලබා ගැනීම යනාදී සියල්ල සන්නිවේදනය...