සන්නිවේදනය යනු..
මුළු විශ්වයම එක ම ගම්මානයක් බවට පත් කර ගැනීමේ ශක්තිය සන්නිවේදන මාධ්‍යයන්ට ලැබී තිබේ. එය වත්මන් ලෝකයේ තාක්ෂණික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස එක් අතකට සැලකිය හැකිය.
අනෙක් අතට සන්නිවේදනය යනු මානවයාගේ මූලික අවශ්‍යතාවයකි. එය වඩාත් පහසු කරගැනීමේ අරමුණින් තාක්ෂණික මාධ්‍යයන් යොදා ගත් බව ද සිතිය හැකිය.
මානව සමාජයේ අන්තර් සම්බන්ධතාව ගොඩනගන හුයක් ලෙස සන්නිවේදනය හදුන්වාදිය හැකිය. එසේ ම මනුෂ්‍ය සමාජයේ මූලික පෙළගැස්ම සන්නිවේදනය ඔස්සේ සිදුවෙන බව දක්නට ලැබේ.
සන්නිවේදනය මිනිසාගේම අවශ්‍යතාවයකි. එබැවින් එහි හුදකලා පැවැත්මක් හෝ ගුප්ත ස්වභාවයක් ද දක්නට නොමැත. අප සන්නිවේදනය හැදෑරීම යනුවෙන් අදහස් කරන්නේ මිනිසා ගැන හැදෑරීම ය. මිනිසා සමාජ කණ්ඩායම් සමග සම්බන්ධතා දක්වන ආකාරය, තොරතුරු ලබා ගන්නා ක්‍රම හා හුවමාරු කරගන්නා ක්‍රම, ඉගෙනීම හා ඉගැන්වීම්, විනෝදය ලබා ගැනීම යනාදී සියල්ල සන්නිවේදනය ක්‍රියාවලිය හා ප්‍රතිබද්ධ වී ඇත.
මේ අනුව සන්නිවේදනය සරල ආකාරයෙන් අර්ථ දක්වන්නේ නම් එක් තැනක සිට තවත් තැනකට තොරතුරු ගමන් කිරීම ලෙස අර්ථකතනය කල හැකිය.
එමෙන් ම සන්නිවේදනය යන වචනය විග්‍රහ කරන විට පෙනී යන්නේ එය සං - නි යන උපසර්ග දෙක පෙරටු කොටගෙන විද් - වේදනය යන ධාතුවෙන් සකස් වී ඇති පදයක් බවයි. එවිට මෙහි අර්ථය වන්නේ මනා වූ ඒකාබද්ධ වූ අදහස් යන්නයි.
සන්නිවේදනය සදහා ඉංග්‍රීසියෙන් Communication යන වචනය භාවිත වන්නේ ලතින් බසින් Communicatus යන්නෙන් Communication යන පදය නිපද වූ බැවිනි.
මේ අනුව පහත දැක්වෙන නිර්වචන තුලින් සන්නිවේදනය යන්න කුමක් ද පිළිබදව මනාව උක්ත වේ.
"පුද්ගලයන් දෙදෙනෙකු අතර එක සමාන මනෝ වෘත්තියක් ඇති කරලීම."
- මහාචාර්‍ය විල්බර් ශ්‍රාම්-
"කිසියම් පුද්ගලයෙක්, යම් කිසිවක්, කිසියම් මාධ්‍යයකින් යමෙකුට කිසියම් අර්ථක් සදහා කියනු ලබන දෙය සන්නිවේදනයයි"
-හැරල්ඩ් . ඩී. ලැස්වෙල්-
"මානව සම්බන්ධතා රදවා සිටින්නා වූත්, සියලු ම සංකේත මෙන් ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත්, කාලයේ බැදුම්වලින් ඔබ්බට ගොස් සුරක්ෂිත කට ගැනීමටත් උපකාරී වන උපක්‍රමය සන්නිවේදනය වේ."
- චාල්ස් කුලී-
මේ අනුව ඉහත දැක්වූ කරුණු අනුව සන්නිවේදනය යන්න කුමක් ද පිළිබඳව උක්ත වේ.

හොඳ විස්තරයක්....
ReplyDeleteස්තූතියි
Deleteහොඳ විස්තරයක්....
ReplyDeleteස්තුතියි
DeleteGood job
ReplyDeleteThanks
Deleteela ela
ReplyDelete👍👍
Deleteසරලව තේරුම් ගන්න පුලුවන් වුනා. ස්තුතියි
ReplyDeleteThanks
ReplyDeleteස්තූතියි
ReplyDelete