ගෝලීයකරණය යනු... ??, යුරෝපා සමාජ පරිණාමයේ ඉතිහාසය දෙස විමසුම් සහගතව බලනවිට අපට හමුවන සංකල්ප කිහිපයක් වේ.එම සංකල්ප බිහිවීමට හේතු වී ඇත්තේ බටහිර රටවල සමස්ථ ක්‍රියාකාරීත්වය ඒකායන පරමාර්ථය එනම්, මුළු ලෝකයම තමාගේ බලයට නතු කර ගැනීමේ පරමාර්ථය යි.මේ හේතුවෙන් එකල භාවිතා වූ සහ භාවිතා කෙරෙන සංකල්ප කිහිපයක් හඳුනාගත හැක. එනම් , •බටහිරකරණය •ජාත්‍යන්තරකරණය •නව යටත්විජිතකරණය •ගෝලීයකරණය යනාදී සංකල්ප වේ. මේ ආකාරයට ගෝලීයකරණය යනු යුරෝපා සමාජ පරිණාමයේ එක් අතුරු ප්‍රතිඵලයක් ලෙස හඳුනා ගැනීම වැරදි නැතැයි මම සිතමි. එමෙන්ම ගෝලියකරණය යන මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඒ පිළිබඳව ඉදිරිපත් වී ඇති මත රැසක් හඳුනාගත හැක. * ගෝලීයකරණය යනු ,ගෝලීය විඥානයන් ගොඩ නැංවීමේ ක්‍රියාවලියයි. ...
Comments
Post a Comment