Skip to main content

ගෝලීයකරණය යනු ?

ගෝලීයකරණය යනු... ??,

                           යුරෝපා සමාජ පරිණාමයේ ඉතිහාසය දෙස විමසුම් සහගතව බලනවිට අපට හමුවන සංකල්ප කිහිපයක් වේ.එම සංකල්ප බිහිවීමට හේතු වී ඇත්තේ බටහිර රටවල සමස්ථ ක්‍රියාකාරීත්වය ඒකායන පරමාර්ථය එනම්, මුළු ලෝකයම තමාගේ බලයට නතු කර ගැනීමේ පරමාර්ථය යි.මේ හේතුවෙන් එකල භාවිතා වූ සහ භාවිතා කෙරෙන සංකල්ප කිහිපයක් හඳුනාගත හැක. එනම් ,
      •බටහිරකරණය
      •ජාත්‍යන්තරකරණය
      •නව යටත්විජිතකරණය
      •ගෝලීයකරණය
                  යනාදී සංකල්ප වේ. මේ ආකාරයට ගෝලීයකරණය යනු යුරෝපා සමාජ පරිණාමයේ එක් අතුරු ප්‍රතිඵලයක් ලෙස හඳුනා ගැනීම වැරදි නැතැයි මම සිතමි.
        එමෙන්ම ගෝලියකරණය යන මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඒ පිළිබඳව ඉදිරිපත් වී ඇති මත රැසක් හඳුනාගත හැක.

* ගෝලීයකරණය යනු ,ගෝලීය විඥානයන් ගොඩ නැංවීමේ ක්‍රියාවලියයි.
                   - රොබර්ස්ටන් සහ මාර්ටින්
                                                 අල්බ්‍රෝව්

* ගෝලීයකරණය යනු අතිශය විනාශකාරී සහ විනාශකාරී වන මිනිසුන් විසින් දියත් කර ඇති දෙයක් වේ.

*ගෝලීයකරණය යනු,සමාන අයිතිවාසිකම් ඇතිව සියලු සම්පත් සමානව භුක්තිවිදීමේ හැකියාව ඇති සාමකාමී සහජීවනය රජයන විශ්ව පවුලක් වේ.

* ගෝලීයකරණය යනු සර්ව සමස්ථ පෘථිවි ගෝලය වෙලාගත්, සමස්ථ ලෝකයම ඇතුළත් කරගත් හා සාර්වාංගික දෘෂ්ඨීකරණය වූ යන අර්ථ ලබා දෙන්නකි.

* ගෝලීයකරණය යන වචනය ආර්ථික ගෝලීයකරණයේ නව නිදහස් ආකෘතිය විස්තර කරන ආගමික අර්ථයකින් ද යුක්ත වේ
                      -නෝර්ම් චොම්ස්කි -

* ගෝලීයකරණය වූ වෙළඳාම, සැපයුම් දාම සහ දේශපාලනික බලවේග විසින් ලෝකය, වඩා හොඳ සහ වඩා නරක යන දෙයාකාරයෙන්ම වෙනස් කොට ඇත.තවද, ගෝලීයකරණයේ විචලන වේගය ඉක්මන් බවද ව්‍යාපාර සංවිධානයේ සහ ව්‍යවහාරයේ ඝට්ඨන වර්ධනය තව දුරටත් පවතිනු ඇත.
                          -තෝමස් එල්. ෆ්‍රයිඩ්මන්
(ගෝලීය ආර්ථික බිඳවැටීමේ බලපෑම පිළිබඳ පර්යේෂණ කරයි.)

* ගෝලීයකරණය යනු, පශ්චාත් නවමු ලෝකය තේරුම් ගැනීමයි
                         -ගෝඩන් මැතිස්

*ගෝලීයකරණය අපේ යුගයේ දැවැන්තම ආර්ථික පෙරළියයි. . . . මුළු ලෝකයේම ජනයාට පෙර නොවූ විරූ ආකාරයේ ප්‍රස්තාවන් මෙමගින් විවෘත වෙනවා.”
                   - මාර්ටින් වූල්ෆ්
                          (මුදල් පිළිබඳ තීරු ලේඛක)

*"මිහිතලයේ වෙසෙන අප සියලුදෙනාම එක විශාල පවුලක සාමාජිකයන්. මෙම නව යුගයේ මුළු ලෝකයටම පාරිසරික විනාශ වීම්, සම්පත්වල ඌනතාව, ලේ වැගිරීම් හා දිළිඳුකම වැනි අලුත් අභියෝගයන්ට හා ගැටලුවලට මුහුණ පෑමට සිදු වී තිබේ.
                      -එඩ්වාඩ් ෂෙවාඩ්නාඩ්සේ          
                                  ( ජෝර්ජියාවේ ජනාධිපති )

            මේ  ආකාරයට ගෝලීයකරණය පිළිබඳව විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇති ආකාරය හඳුනාගත හැකි අතර සරලව ගතහොත් ගෝලීයකරණය යනු ගෝලීය වීමේ ක්‍රියාදාමය වශයෙන් හඳුනාගත හැක.එනම් සාර්ථක ලෙස එකතු වීමේ ක්‍රියාවලිය ලෙස දැක්විය හැක.
                    එමෙන්ම ගෝලීයකරණය යනු ආර්ථික,සමාජීය,තාක්ෂණික, සංස්කෘතික හා දේශපාලන බලවේගයන්හි සම්මිශ්‍රණයකි. ගෝලීයකරණය යන වචනය බහුලව භාවිතා වන්නේ වෙළඳාම, විදේශීය ඍජු ආයෝජනය, මුදල් ගලනයන්, සංක්‍රමණ සහ තාක්ෂණ ව්‍යාප්තිය යනාදීන් හරහා ජාතික ආර්ථිකයන් අන්තර්ජාතික ආර්ථිකය බවට එක්වීම හඟවන ආර්ථික ගෝලීයකරණය අර්ථ දැක්වීම සඳහාය.
           කෙසේවෙතත් ගෝලීයකරණය පිළිබඳව ඇතමුන් සුබවාදී මත දරන අතර ඇතමුන් අසුබවාදී  මත දරනු ලබයි.
 ගෝලීයකරණය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ගෝලීයකරණය යන සංකල්පය නව තාක්ෂණයත් සමඟ පෙරගමන් යන ආකාරය හඳුනාගත හැක.
             ගෝලීයකරණයේ විශේෂතම බලපෑමක් රටවල් අතර ගොඩ නැගෙන අන්තර් සම්බන්ධතාවය නිසා සිදුවේ.. එනම් රටවල් අතර ආර්ථික, දේශපාලන,සංස්කෘතික ආදී වූ විෂයන් තුළ විවිධාකාරවූ ඵලවිපාකයන් අත් විදීමට සිදුවීමයි.එය ප්‍රතිජානනාත්මක වශයෙන් මෙන්ම ප්‍රතිශේධනාත්මක වශයෙන්ද හඳුනාගත හැක.
           ගෝලීයකරණය මගින් “ලෝකය විද්‍යාත්මක හා සංස්කෘතික පැත්තෙන් ඔප නංවා තිබෙනවා පමණක් නොව බොහෝදෙනෙක් ආර්ථික වශයෙන්ද ප්‍රයෝජන අත් කරගෙන තිබෙනවා” යයි ආර්ථික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ලැබූ අමර්ට්යා සෙන් ප්‍රකාශ කරයි.මේ මඟින් ද ගෝලීයකරණයේ වැදගත්කම හඳුනාගත් හැක.
        එමෙන්ම ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ ජනමාධ්‍ය ද සුවිශේෂී සාර්ථකත්වයක් හිමිකරගෙන ඇති ආකාරය හදුනාගත හැක.


එනම් ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට රූපවාහිනී, ගුවන්විදුලි හා පුවත්පත් යන ප්‍රධාන මාධ්‍යන් ත්‍රිත්වය අන්තර්ජාලය හරහා ලෝකය පුරා තොරතුරු සම්ප්‍රේෂණ ක්‍රියාවලියේ නිරත වේ.ඒ අනුව දේශසීමා බාධක, දේශපාලන බාධක ආදී වූ සියලු බාධකයන් ට අභියෝග කරමින් තාක්ෂණයේ දියුණුවත්, තාක්ෂණයේ  සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ තොරතුරු සම්ප්‍රේෂණය සාර්ථකව සිදු කරනු ලබන්නේ සාර්ථක වූ ප්‍රතිඵල අත් කර දෙමිනි.
• උදාහරණයක් ලෙස E-news paper හඳුනාගත හැක.
              ගෝලීයකරණයේ යහපත් පැතිකඩ මෙන්ම අයහපත් පැතිකඩද හඳුනාගත හැක.  එනම්, ආර්ථික වාසි හඹායාම ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ දී මිනිසා පෙළඹවීම සිදු වේ.එහි දී මානව සබදතා මෙන්ම  පාරිසරික සුරක්ෂිතතාවයද මිනිසාගේ අවදානයෙන් ගිලිහී යයි.

                        මේ ආකාරයට ගෝලීයකරණය යනු කුමක්දැයි යන්න පිළිබඳව පමණක් නොව ඉහත දැක්  වූ ආකාරයේ ඵලවිපාකයන් රැසක් ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ හඳුනාගත හැකි අතරම ගෝලීයකරණ ක්‍රියාවලිය නව තාක්ෂණයත් සමඟ පෙරගමන් යන ආකාරයත් අපට හඳුනාගත හැක. 

Comments

  1. Very useful facts...great work..keep it up

    ReplyDelete
  2. Very useful facts...great work..keep it up

    ReplyDelete
  3. හොඳ විස්රාත්මක විග්‍රහයක්

    ReplyDelete
  4. හොඳ තොරතුරු ටිකක්....

    ReplyDelete
  5. හොඳ තොරතුරු ටිකක්....

    ReplyDelete
  6. හොඳ තොරතුරු ටිකක්....

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. සුපිරි අක්කා..කරුණු හොදට ගොනු කරලා තියෙන්වා..✍️✍️✍️��

    ReplyDelete
  9. ඇත්තටම සුපිරි...✍️🥰🥰🥰

    ReplyDelete
  10. Hoda vistharathmaka thorathuru tikak 👍🙂

    ReplyDelete
  11. ගොඩක් හොද විස්තරයක්.හොදට පැහැදිලියි..මේ විස්තරය..

    ReplyDelete
  12. ගොඩක් හොද විස්තරයක්.හොදට පැහැදිලියි..මේ විස්තරය..

    ReplyDelete
  13. ගොඩක් හොද විස්තරයක්.හොදට පැහැදිලියි..මේ විස්තරය..

    ReplyDelete
  14. අනේ බොහොම ස්තූති හරිම වටිනව 😍🙏✍️

    ReplyDelete
  15. Thnks ගොඩාක් වටින note එකක් පුළුවන් නම් තව විස්තර කරන්න ....

    ReplyDelete
  16. Thank you so much akki.. this helped me a lot while gathering facts to my oratory competition

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සන්නිවේදනය යනු ?

සන්නිවේදනය යනු.. මුළු විශ්වයම එක ම ගම්මානයක් බවට පත් කර ගැනීමේ ශක්තිය සන්නිවේදන මාධ්‍යයන්ට ලැබී තිබේ. එය වත්මන් ලෝකයේ තාක්ෂණික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස එක් අතකට සැලකිය හැකිය.              අනෙක් අතට සන්නිවේදනය යනු මානවයාගේ මූලික අවශ්‍යතාවයකි. එය වඩාත් පහසු කරගැනීමේ අරමුණින් තාක්ෂණික මාධ්‍යයන් යොදා ගත් බව ද සිතිය හැකිය.                         මානව සමාජයේ අන්තර් සම්බන්ධතාව ගොඩනගන හුයක් ලෙස සන්නිවේදනය හදුන්වාදිය හැකිය. එසේ ම මනුෂ්‍ය සමාජයේ මූලික පෙළගැස්ම සන්නිවේදනය ඔස්සේ සිදුවෙන බව දක්නට ලැබේ.                         සන්නිවේදනය මිනිසාගේම අවශ්‍යතාවයකි. එබැවින් එහි හුදකලා පැවැත්මක් හෝ ගුප්ත ස්වභාවයක් ද දක්නට නොමැත. අප සන්නිවේදනය හැදෑරීම යනුවෙන් අදහස් කරන්නේ මිනිසා ගැන හැදෑරීම ය. මිනිසා සමාජ කණ්ඩායම් සමග සම්බන්ධතා දක්වන ආකාරය, තොරතුරු ලබා ගන්නා ක්‍රම හා හුවමාරු කරගන්නා ක්‍රම, ඉගෙනීම හා ඉගැන්වීම්, විනෝදය ලබා ගැනීම යනාදී සියල්ල සන්නිවේදනය...

මාධ්‍ය සාක්ෂරතාව

මාධ්‍ය සාක්ෂරතාව ...  මානව සමාජ ක්‍රියාකාරිත්වය විග්‍රහාත්මක ලෙස තේරුම් ගැනීමට ඇති හැකියාව සාක්ෂරතාව නම් වේ. මාධ්‍ය යනු අධ්‍යාපනය,තොරතුරු ලබා දීම,රසාස්වාදයක් ලබා දෙන, එපමණක් නොව ඉතා සූක්ෂම ලෙස සාමාජයට බලපෑම් එල්ල කළ හැකි අංගයකි.එම කරුණු විචක්ෂණශීලී ලෙස හදුනා ගැනීමට හැකි වීම මාධ්‍ය සාක්ෂරතාව නම් වේ.                      මාධ්‍ය ක්ෂේත්‍රය තුළ මෙම කාරණා වෙන්කර හදුන්වා නොදෙන අතර ඒවා විශේෂාංග, සංදේශ ,වෙළෙඳ දැන්වීම්, ටෙලිනාට්‍ය ආදියෙන් විචාරශිලීව,විග්‍රහාත්මක ලෙස වෙන්කර ගැනීමට සාක්ෂරතාව හෙබි පුද්ගලයකු සතු ලක්ෂණයක් විය යුතුය . කෙසේ වෙතත් ආරම්භයේ දී සාක්ෂරතාව වැඩි රාජ්‍යයන් ලෙස , ඇමරිකාව ඔස්ට්‍රේලියාව කැනඩාව බ්‍රිතාන්‍ය  යන රටවලට වැඩි අවධානයක් යොමු වී ඇත.                   ඒ අනුව රටක ආර්ථික ,දේශපාලන ,ආගමික ,සාමාජීය  යන සෑම අංශයක ම වර්ධනය සඳහා සාක්ෂරතාව යනු ප්‍රබල අවියක් බව විශද වේ.මෙහි දී රටක මාධ්‍ය භාවිතය පුළුල් වීමට නම් පුරවැසියන් අතර වඩා ඉහළ මාධ්‍ය භාවිතයක් තිබිය යු...