දැනුම හා බලය
එදිනෙදා කටයුතු අවුල් කර ගන්නා මිනිසුන් අපට බොහෝ විට දැකිය හැකිය.කෙසේ හෝ කටයුතු කිරීමේ දැනුමක් මිස නිරවුල්ව කටයුතු කිරීමේ දැනුමක් ඔවුන්ට නැත. කෙසේ හෝ තම කටයුතු කරන ඔවුහු තමනට ඊට වඩා හොඳින් ඒ කටයුතු කළ හැකි බව නො දනිති.නො සිතති.තමන් අනුගමනය කළ පිළිවෙළ මිස අන් පිළිවෙළක් ඇති බවක් වත් ඒ මොහොතේදී ඔවුනට නොහැගේ.
නියම අවබෝධයකින් තොරව කරන කටයුතු හරියනවාට වඩා වරදිනවා සිකුරුය.එහෙයින් බොහෝ විට මෙවැන්නන්ගේ කටයුතු වැරදී යයි.එසේ වූ කල වරද අනුන් පිට පැවරීමද මොවුන්ගේ සිරිතයි.පසුව වරද තමන් අත බව මොවුනට පෙනේ.එහෙත් මුලදී නොපිළිගත් දෙයක් පසුව පිළිගැනීම තරමක් උගහටය.වරද තමන් අත බව පළ නොකළද සිතින් නම් පිළිගෙන ඉවරය.තමන් ඒ මොහොතේ ක්‍රියා කළ ආකාරය නුසුදුසු බවද දැන් ඔවුනට වැටහේ.මෙය ජීවිත ගැටලුවකි.ජීවිතය මෙවැනි අපමණ ගැටලුවලින් යුක්ත වේ.මේ සියල්ලටම හේතුව ලෝක ස්වභාවය නොදැනීමය.
ලොව සෑම මිනිසෙකුම ගැටලුවලට මුහුණ දිය යුතු වෙයි.මිනිසා ගැටලුවලට මුහුණ පෑමෙන් ම ගැටලු විසඳා ගන්නා ක්‍රමය උගනී.මේ නිසා වයස යත්ම ඔහුගේ ජීවිතාවබෝධයද වැඩෙයි.කුඩා සිදුරකින් ලොව දෙස බලනු වෙනුවට පුළුල් දොරකින් ලෝකය බැලීමටත් හැකි තරම් මිනිසුන් දැන හැඳින ගැනීමටත් ඔහු මහන්සි ගනී.ඔහු මිනිස් සිත ක්‍රියා කරන ආකාරය කෙමෙන් අවබෝධ කර ගනී,ලෝකය ගැන සිතට ගනී,ගැටලු විසඳීමට මහන්සි ගනී.මෙයට උදව් වන්නේ ඔහු ලබා ඇති දැනුමයි.ජීවිතය පිළිබඳ විවිධ අත්දැකීම් මගින් ලබන ඒ දැනීම බලයේ උල්පතයි.ඔබටද එය සතු කර ගැනීමෙන් ඕනෑම දෙයක් කළ හැකියි.
ඔබේ ස්වාමියා ඔබයි.ඔබ අවට සිටින්නන්ගේ ස්වාමියාද ඔබයි.කිසිවකුට හෝ කිසිවකට ඔබට හරස් කැපිය නොහැකිය.ඔබේ ගමන මොහොතින් මොහොත අඩියෙන් අඩිය ඉදිරියටය.ඒ ගමනේදී පෙර නොදුටු දිය පහරවල් දැක ගන්නා ඔබ ඒවා තරණය කරයි.ජීවත් වීමෙන් ජීවත්වීම ඉගෙන ගනිති.ඔබ එයට තම ජීවිත කලාව,පළපුරුද්ද,නුවණ,දැනුම,පැසුණු බව යන ඕනෑම එකක් කිය හැකිය.දැනුම ඔබේ බලයයි.ඒ බලය අබිබවා යාමට අන් කිසිවෙකුටත් නුපුළුවන් බව වටහා ගන්න.ඔබ තුළ විශාල බලයක් තිබේ.මෙතෙක් ඔබ ඒ ගැන සිතා නැත්නම් වහාම එය සිතන්න.එය එළිදරව් කර ගැනීමට මහන්සි ගන්න.
බලය තිබීම පමණක් මදි.එය හොදින් දැනගෙන වටහා ගෙන තිබිය යුතුයි.එසේ නොවූ බලය පුස්සකි.බලය යනු කුමක්ද?එය ඇත්තේ කොහිද?එහි පැවැත්ම කෙසේද?එය යෙදිය යුතු තැන් මොනවාද?එහි සීමාව කුමක්ද?මෙලෙසින් ඔබ සතු බලය ගැන සිතන්න.එය විභාග කරන්න.එහි ලක්ෂණ විමසන්න.එය හොඳින්ම දැන හැඳින ගන්න.එවිට බලයේ සම්පූර්ණ ඵල ලැබීමට ඔබට පුළුවන් වෙයි.ලොව සෑම මිනිසාම අන් සියල්ලන් ගෙන්ම වෙනස් වන්නේ ඔහු සතු බලය නිසාය.ඔහුගේ බලය ඔහුටම විශේෂ වූවකි.එය වටහාගෙන එයින් වැඩ ගැනීමද ඔහු සතු ඔහුටම විශේෂ වූ කාර්යයකි.මේ සඳහා පියවර කිහිපයක් ගත යුතු වෙයි.පළමුව,ඒ සැගවුණු බලය එළිදරවු කර ගත යුතුයි.දෙවනුව,එය මනාව අවබෝධ කර ගත යුතුයි.තෙවනුව,එයින් හැකි ඉහළම ඵල ලැබිය යුතුයි.
සාර්ථක ජීවිතයේ රසහ ඇත්තේ මෙතැනයි.සැගවුණු බලය එළිදරව් කරගෙන එය මැනවින් අවබෝධ කර ගෙන එයින් ලැබිය හැකි ඉහළම ඵල ලබන තැනැත්තා සමාජයේද ඉහළම තැන ලබයි.ලොව සිටි හෝ සිටින ඕනෑම ශ්‍රේෂ්ඨ පුද්ගලයකු දෙස බලන්න.ඔහු ගැන මොහොතක් විමසුම් නුවණ මෙහෙයවන්න.ඔහුගේ ශ්‍රේෂ්ඨත්වයේ රහස කුමක් දැයි සිතන්න.එය අනෙකක් නොව,ඔහු තමා තුළ සැගවී තිබුණු බලය හෙළි කර ගෙන,එය මනාව අවබෝධ කරගෙන එයින් ලැබිය හැකි ඉහළම ප්‍රයෝජන ලැබීමයි.
දැන් ඔබත් ඔබ තුළ සැගවී ඇති බලය සොයා දැනගන්න.කවරක් වුවත් එය ඔස්සේ යන්න.හැකි තරම් ඉහළට යන්න.එවිට,ඔබගේ ද ජීවිතය සාර්ථක එකක් වෙයි.ඔබ සමාජයේ ඉහළ තැනක වැජඹෙනු ද නිසැකයි.
නියමයි...
ReplyDeleteනියමයි...
ReplyDeleteGood job, It's a important
ReplyDelete