Skip to main content

Posts

Showing posts from 2018

මාධ්‍ය සාක්ෂරතාව

මාධ්‍ය සාක්ෂරතාව ...  මානව සමාජ ක්‍රියාකාරිත්වය විග්‍රහාත්මක ලෙස තේරුම් ගැනීමට ඇති හැකියාව සාක්ෂරතාව නම් වේ. මාධ්‍ය යනු අධ්‍යාපනය,තොරතුරු ලබා දීම,රසාස්වාදයක් ලබා දෙන, එපමණක් නොව ඉතා සූක්ෂම ලෙස සාමාජයට බලපෑම් එල්ල කළ හැකි අංගයකි.එම කරුණු විචක්ෂණශීලී ලෙස හදුනා ගැනීමට හැකි වීම මාධ්‍ය සාක්ෂරතාව නම් වේ.                      මාධ්‍ය ක්ෂේත්‍රය තුළ මෙම කාරණා වෙන්කර හදුන්වා නොදෙන අතර ඒවා විශේෂාංග, සංදේශ ,වෙළෙඳ දැන්වීම්, ටෙලිනාට්‍ය ආදියෙන් විචාරශිලීව,විග්‍රහාත්මක ලෙස වෙන්කර ගැනීමට සාක්ෂරතාව හෙබි පුද්ගලයකු සතු ලක්ෂණයක් විය යුතුය . කෙසේ වෙතත් ආරම්භයේ දී සාක්ෂරතාව වැඩි රාජ්‍යයන් ලෙස , ඇමරිකාව ඔස්ට්‍රේලියාව කැනඩාව බ්‍රිතාන්‍ය  යන රටවලට වැඩි අවධානයක් යොමු වී ඇත.                   ඒ අනුව රටක ආර්ථික ,දේශපාලන ,ආගමික ,සාමාජීය  යන සෑම අංශයක ම වර්ධනය සඳහා සාක්ෂරතාව යනු ප්‍රබල අවියක් බව විශද වේ.මෙහි දී රටක මාධ්‍ය භාවිතය පුළුල් වීමට නම් පුරවැසියන් අතර වඩා ඉහළ මාධ්‍ය භාවිතයක් තිබිය යු...

ගෝලීයකරණය යනු ?

ගෝලීයකරණය යනු... ??,                            යුරෝපා සමාජ පරිණාමයේ ඉතිහාසය දෙස විමසුම් සහගතව බලනවිට අපට හමුවන සංකල්ප කිහිපයක් වේ.එම සංකල්ප බිහිවීමට හේතු වී ඇත්තේ බටහිර රටවල සමස්ථ ක්‍රියාකාරීත්වය ඒකායන පරමාර්ථය එනම්, මුළු ලෝකයම තමාගේ බලයට නතු කර ගැනීමේ පරමාර්ථය යි.මේ හේතුවෙන් එකල භාවිතා වූ සහ භාවිතා කෙරෙන සංකල්ප කිහිපයක් හඳුනාගත හැක. එනම් ,       •බටහිරකරණය       •ජාත්‍යන්තරකරණය       •නව යටත්විජිතකරණය       •ගෝලීයකරණය                   යනාදී සංකල්ප වේ. මේ ආකාරයට ගෝලීයකරණය යනු යුරෝපා සමාජ පරිණාමයේ එක් අතුරු ප්‍රතිඵලයක් ලෙස හඳුනා ගැනීම වැරදි නැතැයි මම සිතමි.         එමෙන්ම ගෝලියකරණය යන මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඒ පිළිබඳව ඉදිරිපත් වී ඇති මත රැසක් හඳුනාගත හැක. * ගෝලීයකරණය යනු ,ගෝලීය විඥානයන් ගොඩ නැංවීමේ ක්‍රියාවලියයි. ...

සන්නිවේදනය යනු ?

සන්නිවේදනය යනු.. මුළු විශ්වයම එක ම ගම්මානයක් බවට පත් කර ගැනීමේ ශක්තිය සන්නිවේදන මාධ්‍යයන්ට ලැබී තිබේ. එය වත්මන් ලෝකයේ තාක්ෂණික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස එක් අතකට සැලකිය හැකිය.              අනෙක් අතට සන්නිවේදනය යනු මානවයාගේ මූලික අවශ්‍යතාවයකි. එය වඩාත් පහසු කරගැනීමේ අරමුණින් තාක්ෂණික මාධ්‍යයන් යොදා ගත් බව ද සිතිය හැකිය.                         මානව සමාජයේ අන්තර් සම්බන්ධතාව ගොඩනගන හුයක් ලෙස සන්නිවේදනය හදුන්වාදිය හැකිය. එසේ ම මනුෂ්‍ය සමාජයේ මූලික පෙළගැස්ම සන්නිවේදනය ඔස්සේ සිදුවෙන බව දක්නට ලැබේ.                         සන්නිවේදනය මිනිසාගේම අවශ්‍යතාවයකි. එබැවින් එහි හුදකලා පැවැත්මක් හෝ ගුප්ත ස්වභාවයක් ද දක්නට නොමැත. අප සන්නිවේදනය හැදෑරීම යනුවෙන් අදහස් කරන්නේ මිනිසා ගැන හැදෑරීම ය. මිනිසා සමාජ කණ්ඩායම් සමග සම්බන්ධතා දක්වන ආකාරය, තොරතුරු ලබා ගන්නා ක්‍රම හා හුවමාරු කරගන්නා ක්‍රම, ඉගෙනීම හා ඉගැන්වීම්, විනෝදය ලබා ගැනීම යනාදී සියල්ල සන්නිවේදනය...
                                                     දැනුම හා බලය       එදිනෙදා කටයුතු අවුල් කර ගන්නා මිනිසුන් අපට බොහෝ විට දැකිය හැකිය . කෙසේ හෝ කටයුතු කිරීමේ දැනුමක් මිස නිරවුල්ව කටයුතු කිරීමේ දැනුමක් ඔවුන්ට නැත . කෙසේ හෝ තම කටයුතු කරන ඔවුහු තමනට ඊට වඩා හොඳින් ඒ කටයුතු කළ හැකි බව නො දනිති . නො සිතති . තමන් අනුගමනය කළ පිළිවෙළ මිස අන් පිළිවෙළක් ඇති බවක් වත් ඒ මොහොතේදී ඔවුනට නොහැගේ .       නියම අවබෝධයකින් තොරව කරන කටයුතු හරියනවාට වඩා වරදිනවා සිකුරුය . එහෙයින් බොහෝ විට මෙවැන්නන්ගේ කටයුතු වැරදී යයි . එසේ වූ කල වරද අනුන් පිට පැවරීමද මොවුන්ගේ සිරිතයි . පසුව වරද තමන් අත බව මොවුනට පෙනේ . එහෙත් මුලදී නොපිළි...